ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක මෙහෙම වුණොත් Win 7 නැවත ස්ථාපනය කරන කොටවත් පාර්ටිෂන් ඩිලීට් කරන්න මොනවත් කරන්න බැරි වෙනව. එත් ඉතින් මෙම ගැටළුව පහසුවෙන් ම හදා ගන්න හැටි තමා ඔයාලට අද කියල දෙන්නේ.
EaseUS Partition Master කියන software එකෙන් අපිට පුළුවන් පහසුවෙන්ම ගොඩ දාගන්න. මේක ඇත්තටම ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්. convert dynamic disk to basic කියන Option එක වගේම තවත් බොහෝ දේ කරගන්න පුළුවන් අපිට. මම ටිකක් පහලින් දානම් කෝ.
- Resize/Move Partition
- Copy Partition
- Merge Partition
- Check Partition
- Wipe Partition
- Clone Disk Wizard