දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Monday, September 29, 2014

Shut down,Restart,Log Off,Hibernate හැමදේම Keyboard එකෙන් කරමුද ?

                        අද ඔයාල කියල දෙන්නේ Shut down,Restart,Log Off, Hibernate ඔක්කම ටික පරිගණකයේ කී බෝර්ඩ් එක හරහා පහසුවෙන් හා ඉතා ඉක්මනින් කර ගන්න හැටි තමයි.සමහර කී බෝර්ඩ් වල නම් Shutdown වලට නම් කී එකක් එනවා එත් කලින් සදහන් කල හැමදේම කර ගන්න බෑ නේ. හරි අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. 
                  


                ඉස්සරවෙලා ඩෙස්ටොප් එකේ රයිට් ක්ලික් කරලා Shortcut වලට ගිහින් ඔයාලට පහල තියෙන ඒ වයින් හදාගන්න ඕන ෂෝර්ට් කට් කෝඩ් එක ටයිප් කරන්න. නැත්නම් කොපි පේස්ට් කරන්න.


Shut down Shortcut



Restart Shortcut



Log Off Shortcut



Hibernate Shortcut



Sleep Shortcut



                                 දැන් Next ක්ලික් කරලා Finish කරන්න.. ඔන්න දැන් ෂෝර්ට් කට් හැදිල්ල ඉවරයි. ඒ කිව්වට ඉවරමත් නෑ තව තියෙනව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ..
                     එව්වා වැඩක් නෑ මෙන්න මෙහෙමයි ඉතුරු ටික කරන්නේ  
ෂෝර්ට් කට්  එක උඩ රයිට් ක්ලික් කරලා Properties යන්න. දැන් Shortcut key කියන තැනින් ඔයාලට කැමති විදියට key එකක් දෙන්න.
ඊටපස්සේ Change Icon වලින් හොද අයිකන් එකකුත් දාගෙනම වැඩේ ෆිනිෂ්  කරමුකෝ.

           


           දැන් ඉතින් ඔයාල දුන්න ෂෝර්ට්කට් කී ටික ප්‍රෙස් කරලා බලන්නකෝ වැඩේ හොදද කියලා.. අපි ගියා එහෙනම් ජය වේවා !! 
                 

Sunday, September 28, 2014

HUAWEI Dongel පහසුවෙන්ම Unlock කරමු.

                             සුභ දවසක් ඔයාලට, අද පොස්ට් එකෙන් නම්  කියන්න යන්නේ ගොඩක් වටින දෙයක් ගැන තමයි. Huawei  Dongel එකක් පහසුවෙන් අන්ලොක්  කරන හැටි තමයි ඔයාලට අද අරගෙන ආවේ. ඩොන්ගල් එකක් අන්ලොක් කරන්න සමහර තැන් වල Rs. 500/1000 ගන්නවනේ.ඉතින් මොකටද  නිකන් සල්ලි දෙන්නේ. අපිටම කරගන්න පුළුවන් වැඩේට කතාව වැඩියි වගේ අපි වැඩේට බහිමු.

               අන්ලොක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඔයාලට කියන්නම්

01.METHOD

              


             Huawei Modom Unlocker කියන සොෆ්ට් වෙයාර් එක හරහා unlok කරගන්න පුළුවන්  පහසුවෙන්. ඒවගේම මේකෙන් නැවත ඩොන්ගල් එක  අවශ්‍ය නම් ලොක් කරන්නත්  පුළුවන්.. සොෆ්ට්වෙයාර් එක පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.


 Download


02.METHOD

              මේ ක්‍රමේදි කරන්න  තියෙන්නේ  ඉස්රවෙලා මේ සයිට් එකට යන්න මෙතනින්. දැන්  gmail account එකකින් ලොග් වෙලා  පහළ තියෙන පින්තූරේ විදියට  ඩොන්ගල් එකේ IMEI නම්බර් එකයි Model එකයි දෙන්න.
                       

                  දැන් CALCULATE කියන බට්න් එක ක්ලික් කරන්න.. ඉන් පසු එන  පේජ් එකෙන්  g+ අයිකන් එක ක්ලික් කරන්නකෝ. 



                දැන් පහළ තියෙනව වගේ  ඩොන්ගල් එකේ  අන්ලොක්කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් ඔයාලට ලැබෙයි.. ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා අන්ලොක් කෝඩ් එක දීලා ඩොන්ගල් එක අන්ලොක් කර ගන්න. හැබැයි එක E-mail ලිපිනයකින් ඩොන්ගල් 5ක් වගේ තමයි අන්ලොක් කරන්න පුළුවන්..



               එහෙනම් අපි ගියා... තවත් අලුත් පොස්ටුවකින් හමුවෙමු. මේගැන ඔයාලගේ අදහසකුත්  දාගෙනම යමු  ඒ නම්.


Tuesday, September 23, 2014

FB එකේ privacy දාල තියෙන Pro Pic එක උස්සමු ..

                               ඔන්න අද ඔයාලට අරගෙන ආවේ පොඩි FB Trick එකක්  මේගැන කියනවනම් ඉතින් ෆේස් බුක් එකේ සමහර අය ඉතින් ප්‍රෝ පික් එක ඔන්ලි මී කරලනේ තියෙන්නේ..  ඉතින් ඒ වගේ තියෙන ෆොටෝ එකෙක් බලන විදිය තමයි අද කියලා දෙන්නේ. 




                 පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ විදියට කරන්නකෝ 

     1.  අදාල කෙනාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට යන්න 
         
     2.  ප්‍රෝ පික් එක උඩ රයිට් ක්ලික් කරලා save image as                              ක්ලික්  කරන්න.
         
     3. දැන් image  එක save කරන්නද කියලා එන ඩයලොග් බොක්ස්              එකේ File Name කියනතැන n අකුරෙන් පස්සේ .JPG කියලා              ටයිප් කරන්න. දැන් ඒ ටික කොපි කරගන්න. පහල තියෙන පික්              එක බලන්න. [ඉමේජ් එක සේව් කරන්න අවශ්‍ය නැහැ.] 

             

     4.  දැන් මේ ලින්ක්  එකට යන්න මෙතනින්  ඊට පස්සේ කලින්                     කොපි කරගත්ත file name එක ඔය URL එකේ අන්තිමට                  තියෙන ස්ලෑෂ්  එකෙන් පස්සේ පේස්ට් කරලා එන්ටර් කරන්න.

                          ඔය තියෙන්නේ ෆොටෝ එක දිලිසි දිලිසි ... එනම් අපි          ගියා.. තවත් පොස්ටුවකින්   හමුවෙමු.                                                                  

Tuesday, September 16, 2014

ඔබේ පරිගණකය ගැන ඔබ දැනුවත් ද ?

                      අදත් ඔයාලට අරගෙන ආවේ වැදගත් වන  කුඩා මෘදුකාංගයක් 
අපි භාවිතා කරන පරිගණකයේ දෘඩාංග  පිලිබඳ දැනුමක් අප සතුව තිබීම ඉතා වැදගත් මොකද  මොනවා හරි හාර්ඩ්වෙයාර් ගැටලුවක් අවොත් එය නිවරදි කර ගැනීමට මෙන්ම හාර්ඩ්වෙයාර් අප්ග්‍රේඩ්  කිරීමකදී  මෙන්ම විවිධ පරිගණක සොෆ්ට්වෙයාර් බාවිතයේදී  පරිගණකයේ  දෘඩාංග පිලිබඳ යම් දැනුමක් අනිවාර්යයෙන් අප සතුව තිබිය යුතුයි.අලුතෙන් පරිගණකය ක් ගනිපු අයෙක් නම්  ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි.



           
 
      මේ මගින් ඔයාලට පුළුවන් පරිගණකයේ කයේ සියලු දෘඩාංග පිලිබඳ විස්තර  බලාගන්නත්. ඒ පිලිබඳ රිපෝට් එකක් අරන් සේව් කරගන්නත් පුළුවන්.මේක ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ රන් කරන්න විතරයි තියෙන්නේ  එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්න ..

 Download


Monday, September 15, 2014

Recover කරගන්න නියම භාණ්ඩයක් මෙන්න ..

                 සුභ දවසක් ඔයාල හැමෝටම. අදත් අරගෙන ආවේ  ඉතා වටිනා මෘදුකාංගයක් තමයි. අපිට අත්‍යවශ්‍ය  ෆයිල් මොනවා හරි Shift+ Delete වලින් ඩිලීට් වුනොත් ඉතින් Recycle Bin එකෙත් නෑනේ. එතකොට තමා දෙයියෝ සිහිවෙන්නේ. ඒකට විසදුමක් තමා කියල දෙන්න යන්නේ.



        අද මම ඔයාලට දෙන්නේ Recover My Files කියන මෘදු කාංගය මේ හරහා ඔයාලට ඩිලීට් වුන දේවල් පහසුවෙන් Recover කර ගන්න පුළුවන්.මෙතනදී පොඩි දෙයක් කියන්න ඕන ඔයාලට, මොනවා හරි ඩිලීට් වුනොත් ඒ ෆයිල්ස්  තිබුණ හාර්ඩ් එකේ පාටිෂන් එකට වෙන ෆයිල්ස් කිසිවක් කොපි කරන්න එපා recover කර ගන්නතෙක්. මොකද හාර්ඩ් එකේ  ඩේටා සේව් වෙන්නේ කොටස් වශයෙන් ඉතින් අපි මොනවා හරි නැවත කොපි කලොත් අර ඩිලීට් වුන ෆයිල්ස්  ස්පේස් එකේ තමා නැවත සේව් වෙන්නේ.එවිට මෙවැනි මෘදුකාංග හරහා recover කර ගන්න බැරි වෙනවා.

         හරි එහෙනම්  සොෆ්ට්වෙයාර් එක සීරියල් කී එකත් එක්කම පහලින් අරගන්න.
        මෙය ඔයාලට වැදගත් වුණා නම් ඒ ගැන ඔයාලගේ අදහසත් කියන්න. 
                         
Download

                    

Friday, September 12, 2014

දෙයියනේ කියල ඉපදිලා දවස් කීයක් හිටියද ? :)

                   ඔන්න ඉතින් අදනම් අරගෙන ආවේ පොඩි fun වැඩක් තමා. අපි ඉපදිලා අවුරුදු කියද කියලා  දැනගත්තට..  ඉපදුනු දවසෙ ඉදන් දවස් 
කීයක් ද කියල නිකමටවත් හිතලා බැලුවේ නෑ නේ.. හිතුවත් ඕවා ගණන් හදන්න ගියේ නෑ නේ. ඉතින් ඕක ලේසියෙන්ම බලන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. මේක ලංකාවේ කොල්ලෙක් හදපු එකක්. ඔයාලත් බලන්න කෝ එහෙනම් ..

           

          
     මේක බලන කොට ඔයාලගේ පරිගණකයේ දිනය නිවැරදිව තියෙන්න ඕන නැත්  නම් දවස් ගණන වෙනස් වෙනවා පහලින් සොෆ්ට්වෙයාර් එක අරගන්න ..

  

 Download

Tuesday, September 2, 2014

පරිගණකයට Drivers හොයන්න කට්ට කාලා එපාවෙලද ?

             
                  සුභ දවසක් යාලුවනේ ඉතින්  ඔන්න  අද විදු ඇස ලංකා වෙතින් ඔයාලට ගෙනාවේ වැදගත් වන සොෆ්ට්වෙයාර් එකක්. අපේ පරිගණකය කාලයක් ගියාම වෛරස් වගේ ගැටළු නිසා ෆොර්මැට් කරන්න වුනොත් ඊළගට එන්නේ  ඩ්‍රයිවර්ස් ප්‍රශ්නනේ. ඉතින් අපේ ලග ඩ්‍රයිවර්ස් නැති නම් අපිට අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඉතින් කට්ටිය කරන්නේ Google එකේ සර්ච් පාරක් දාලා හොයන එකනේ ඒක එපා වෙන වැඩක් මොකද ..මොකද අපට අවශ්‍ය  නියම drivers හොයන එක ටිකක් අමාරු වැඩක්.


          ඒත් මම අද ඔයාලට දෙන Driver Robot කියන සොෆ්ට්වෙයාර් 
එක මගින් අපට අවශ්‍ය නිවැරදි drivers [Sound,VGA,Cipset,etc...]
හසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

         පහතින් software එක ඩවුන්ලෝඩ් කරගන්න මේගැන  ඔයාලගේ අදහසත් කියන්න .. ඒනම් අපි ගියා ජය වේවා !!
                                 
 Download

Monday, September 1, 2014

IDM එක සදහටම පාවිච්චි කරමු.

        සුභ දවසක් හැමෝටමඅද නම් ගෙනාවේ ගොඩක් අය ඩවුන්ලෝඩ් කරන්න භාවිතා කරන Internet Download Manager එක. මේක නම් ඉතින්  ගොඩක් අය ලග තියෙනවා නේ. එත් මේකේ තියෙන ගැටලුව තමයි crack, patch වලින් Active කලාට,  යූස් කරලා තියෙන්නේ ෆේක් සීරියල් නම්බර් එකක් කියලා Error එන එක.වෙලාවකට ඒක මහ වදයක් නේ අපිට.


      ඉතින් ඒකට විසදුමක් එක්ක තමා අද IDM  එක ඔයාලට දෙන්නේ. සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා පැච්එක දාගන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්ත  ෆෝල්ඩර්  එක ඇතුලේ ඇති Remove Fake Serial Pop-Up කියල ෆයිල් එකක් ඒක ඩබල් ක්ලික් කරලා එන මැසේජ් එක yes කලාම රෙජිස්ර්ට්‍රි එකට ඇඩ් වෙයි .. දැන් ඉතින් ඔක්කම් හරි කිසි කරදරයක් නැතිව IDM එක දිගටම පාවිචි කරන්න පුළුවන් ...
              
     Internet Download Manager එකයි පැච් එකයි පහලින් ඩවුන්ලෝඩ්  කරගන්න.
 Download

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More