දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, November 14, 2014

Dynamic Hard Disk එක පහසුවෙන්ම හදාගනිමු.


        ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට  මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක  මෙහෙම වුණොත් Win 7 නැවත ස්ථාපනය කරන කොටවත්  පාර්ටිෂන් ඩිලීට් කරන්න මොනවත් කරන්න බැරි වෙනව. එත් ඉතින් මෙම ගැටළුව පහසුවෙන් ම හදා ගන්න හැටි තමා ඔයාලට අද කියල දෙන්නේ.
  
                 EaseUS Partition Master කියන software එකෙන් අපිට පුළුවන් පහසුවෙන්ම ගොඩ දාගන්න. මේක ඇත්තටම ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්. convert dynamic disk to basic කියන Option එක වගේම තවත් බොහෝ දේ කරගන්න පුළුවන් අපිට. මම ටිකක් පහලින් දානම් කෝ.

  • Resize/Move Partition
  • Copy Partition
  • Merge Partition
  • Check Partition
  • Wipe Partition
  • Clone Disk Wizard
       මේ වගේ අපිට අත්‍යවශ්‍ය වන බොහෝ වැඩ ටිකක්  පහසුවෙන්ම කරගන්න පුළුවන්. මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේවගේ වින්ඩෝස් වලදී ඇතිවන තවත් ගැටළු කිහිපයක් ගැන සහ ඒවා  පහසුවෙන්ම නිරාකරණය කරගන්න හැටි පොස්ට් ටිකක්  දාන්න. මේ පොස්ට් එක ගැන ගැටළුවක් තිබුනොත් අහන්න. පහලින් සොෆ්ට්වෙයාර් එක අරගන්න.. 


 Download


Friday, October 31, 2014

VLC Player එකෙන් Radio අහමුද?

                       සුභ දවසක් ඔයාලට, ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක් 
අරගෙන බ්ලොග් එක පැත්තේ ආවා. VLC Player අපි හැමෝම වගේ සිංදු අහන්න වීඩියෝ බලන්න Youtube Video Stream වලදී වගේ භාවිතා කරනවනේ. අද කියන්නේ VLC එකෙන් පහසුවෙන්  LIVE Radio අහන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි පොඩි දෙයයි කරන්න තියෙන්නේ. 

          
                        ඉස්රවෙලා VLC Player එක open කරන්න. දැන් 
Media-->Open Network Stream යන්න. අහන්න ඕන චැනල් 
Url එක පහලින් අරගෙන Please enter Network Url කියන 
තැනට දාලා පහල තියෙන Play කියන  බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ.

Shaa FM ----> http://188.138.75.83:8090

Hiru FM  ----> http://188.138.75.83:8010

Neth FM  ----> http://66.55.144.67:8104

Shree FM  ----> http://live2.shree.fm

Y FM   ----> http://76.164.217.100:7036

Ran FM   ----> http://108.61.13.189/;.mp3

FM Derana ----> http://109.123.114.30:7130

Sirasa FM  ----> http://76.164.217.100:7024

Rhythm FM ----> http://192.99.99.195:8030

City FM   ----> http://220.247.227.6/live

       එහෙනම් අපි ගියා .. ඔයාලගේ අදහසත් පහලින් දාගෙනම යමු නේ...

Tuesday, October 21, 2014

Google Chrome වල සිංහල පෙන්වන්නේ නැත්නම් මෙන්න විසදුම.




                          මේදවස් වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි google Chrome Web Browser  එකේ සිංහල පේන්නේ නැති ගැටලුව.මේක නිසා කට්ටිය වෙන බ්‍රව්සර් වලට මාරු වුණා  කියලත් ආරංචියි. හරි අපි බලමු කොහොමද මේක ෆික්ස් කරගන්නේ කියල.

                ඉසරවෙලා Chrome Browse එකේ address bar එකේ  chrome://flags/ කියල  ටයිප් කරන්න. ඊට පස්සේ එන ලිස්ට් එකෙන්
                     
 Disable layer squashing - Disable කරන්න
 Disable DirectWrite        - Enable  කරන්න 

               දැන්  යට තියෙන Relaunch Now  කියන එක ප්‍රෙස් කරන්න.ඔය පොඩි වැඩේ කරානම් ආයෙත් සිංහල හොදට වැඩ කරයි.
තවත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු !
                                      


Friday, October 17, 2014

Original Software ගන්න සල්ලි නැත්නම් මෙන්න විසදුම.

            සුභ දවසක් ඔයාලා හැමෝටම.අද කියන්න යන්නෙත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන තමයි. වැඩි කතා නැතුව අපේ මාතෘකාවට එමුකො.

            අපේ විවිධ කාර්යයන් ඉටුකර ගන්න අපි පරිගණකයට විවිධ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනවා නේ. ඒ අතර  Open source සහ commercial ඒවත් තියෙනවා.ගොඩක් දෙනෙක් ඉතින් commercial software හැම එකම සල්ලි දීලා ගන්න බැරි නිසා crack එකක් හොයාගෙන තමයි භාවිතා කරන්නේ. crack හදන අය අපේ හොදට ඒවා හදන්නේ නෑ නේ.ඒ වයි තියෙන අතුරු ප්‍රතිඵල අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නෑ නේ එකට පොඩි විසදුමක් තමයි අද කියලා දෙන්නේ.
             alternativeto.net කියන සයිට් එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය commercial software එකේ නම සර්ච් කරාම එම මෘදුකාංගයට සමාන Open source මෘදුකාංගයක් පහසුවෙන් සොයා ගන්න.මේ මගින් ඔයාලට ඔය crack වලින් වන අතුරු ආබාධ වලක්වා ගන්නත් පුළුවන් වේවි.
             
                                 GO TO SITE




Tuesday, October 14, 2014

Facebook Name එකට 60 Days Limit එක වැටිලද ?

               

       ඉතින් කොහොමද ඔයාලට. හොදින් ඉන්නවා ඇති  කියලා හිතනවා සයිට් එක පැත්තේ ආවේ සතියකින් විතර. මූණු පොතේ  නේම් එකට 60 Days Limit එක වැටුනම මාස 2ක් යනකන් කලින් තිබුන නමවත් ගන්න බෑ නේ,අද ඔයාලට කියල දෙන්නේ මේක  හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් ඉතින් හැමෝම වගේ මූණු පොතේ ඉන්නවනේ. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ක්‍රම දෙකක් තියෙනවා ලිමිට්වුන අය ට්‍රයි කරලා බලන්න කෝ.  

01.METHOD

       මෙලින්ක් එකට මෙතනින් යන්න  ඊට පස්සේ  ඔයාලට ෆෝම් එකක් ලැබෙයි  එක අවශ්‍ය පරිදි ෆිල් කරලා  ඔයාලට  නම වෙනස් කර ගන්න පුළුවන්.

02.METHOD


      කලින් තිබුණු නම දාගන්න නම් පසුම ක්‍රමය මේක තමයි හබැයි මේක තියෙන්නේ මෙහෙම ලිමිට් වෙලා තියෙන නම් වෙනස් කරන්න නෙමෙයි. facebook එකෙන් අපිට දීල තියෙන security option එකක්. එක ප්‍රයෝජනයට අරන් තමා අපේ වැඩෙත් කරගන්න හදන්නේ  
      
      ඉසරවෙලා  මේ ලින්ක්  එකට යන්න මෙතනින් ඊට පස්සේ එන පියවරවල් ටික නිවැරදිව  අනුගමනය කරන්න. එක තැනකදී පෙන්නේවි ඔයාල දැනට වෙනස් කරලා තියෙන නම් ලිස්ට් එක එකෙන්  ඔයාලට අවශ්‍ය නම තෝරගන්න.

     තව ටිකක් පැහැදිලි වෙන්න  මේ වීඩියෝ එකත් බලන්නකෝ.  





         තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලගේ  අදහසත් කියන්න අමතක කරන්න එපා.  ජය වේවා !

Wednesday, October 1, 2014

Skype වලින් වැඩ දාමු.

                 අද ඔයාලට අරගෙන ආවේ Skype වලින් පොඩි පොඩි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඒ ගැන කියන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනෝ. 

          Microsoft සමාගමේ ඊළගට නිකුත් කරන්න නියමිත Windows10 වල ටෙක්නිකල් ප්‍රීවිව් එකක් ඔන්න නිකුත් කරලා තියෙනවා. මෙතනින් ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. හරි  ඒ ඇති ඒ ගැන කිව්වා.. අපේ ට්‍රැක් එකට එමුකො දැන්. 



          මේ සොෆ්ට්වෙයාර්  එකෙන්  කරගන්න පුළුවන් වැඩ.


  •   Skype Call රෙකෝඩ් කිරීම
  •   Voice Change කිරීම 
  •   එකවර යහළුවන් හැමෝටම Message කිරීම 
  •   Fun & Art Message
  •   Translate  පහසුකම 

          මේවගේ වුවමනා වන පොඩි පොඩි වැඩ ගොඩක් කරගන්න පුළුවන්. එහෙනම්  පහලින් සොෆ්ට්වෙයාර් එක ගන්න. ඔයාලගේ අදහසත් කියන්න.  
                       

 Download

Monday, September 29, 2014

Shut down,Restart,Log Off,Hibernate හැමදේම Keyboard එකෙන් කරමුද ?

                        අද ඔයාල කියල දෙන්නේ Shut down,Restart,Log Off, Hibernate ඔක්කම ටික පරිගණකයේ කී බෝර්ඩ් එක හරහා පහසුවෙන් හා ඉතා ඉක්මනින් කර ගන්න හැටි තමයි.සමහර කී බෝර්ඩ් වල නම් Shutdown වලට නම් කී එකක් එනවා එත් කලින් සදහන් කල හැමදේම කර ගන්න බෑ නේ. හරි අපි බලමු මේ ටික කොහොමද කරන්නේ කියලා. 
                  


                ඉස්සරවෙලා ඩෙස්ටොප් එකේ රයිට් ක්ලික් කරලා Shortcut වලට ගිහින් ඔයාලට පහල තියෙන ඒ වයින් හදාගන්න ඕන ෂෝර්ට් කට් කෝඩ් එක ටයිප් කරන්න. නැත්නම් කොපි පේස්ට් කරන්න.


Shut down Shortcut



Restart Shortcut



Log Off Shortcut



Hibernate Shortcut



Sleep Shortcut



                                 දැන් Next ක්ලික් කරලා Finish කරන්න.. ඔන්න දැන් ෂෝර්ට් කට් හැදිල්ල ඉවරයි. ඒ කිව්වට ඉවරමත් නෑ තව තියෙනව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ..
                     එව්වා වැඩක් නෑ මෙන්න මෙහෙමයි ඉතුරු ටික කරන්නේ  
ෂෝර්ට් කට්  එක උඩ රයිට් ක්ලික් කරලා Properties යන්න. දැන් Shortcut key කියන තැනින් ඔයාලට කැමති විදියට key එකක් දෙන්න.
ඊටපස්සේ Change Icon වලින් හොද අයිකන් එකකුත් දාගෙනම වැඩේ ෆිනිෂ්  කරමුකෝ.

           


           දැන් ඉතින් ඔයාල දුන්න ෂෝර්ට්කට් කී ටික ප්‍රෙස් කරලා බලන්නකෝ වැඩේ හොදද කියලා.. අපි ගියා එහෙනම් ජය වේවා !! 
                 

Sunday, September 28, 2014

HUAWEI Dongel පහසුවෙන්ම Unlock කරමු.

                             සුභ දවසක් ඔයාලට, අද පොස්ට් එකෙන් නම්  කියන්න යන්නේ ගොඩක් වටින දෙයක් ගැන තමයි. Huawei  Dongel එකක් පහසුවෙන් අන්ලොක්  කරන හැටි තමයි ඔයාලට අද අරගෙන ආවේ. ඩොන්ගල් එකක් අන්ලොක් කරන්න සමහර තැන් වල Rs. 500/1000 ගන්නවනේ.ඉතින් මොකටද  නිකන් සල්ලි දෙන්නේ. අපිටම කරගන්න පුළුවන් වැඩේට කතාව වැඩියි වගේ අපි වැඩේට බහිමු.

               අන්ලොක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඔයාලට කියන්නම්

01.METHOD

              


             Huawei Modom Unlocker කියන සොෆ්ට් වෙයාර් එක හරහා unlok කරගන්න පුළුවන්  පහසුවෙන්. ඒවගේම මේකෙන් නැවත ඩොන්ගල් එක  අවශ්‍ය නම් ලොක් කරන්නත්  පුළුවන්.. සොෆ්ට්වෙයාර් එක පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.


 Download


02.METHOD

              මේ ක්‍රමේදි කරන්න  තියෙන්නේ  ඉස්රවෙලා මේ සයිට් එකට යන්න මෙතනින්. දැන්  gmail account එකකින් ලොග් වෙලා  පහළ තියෙන පින්තූරේ විදියට  ඩොන්ගල් එකේ IMEI නම්බර් එකයි Model එකයි දෙන්න.
                       

                  දැන් CALCULATE කියන බට්න් එක ක්ලික් කරන්න.. ඉන් පසු එන  පේජ් එකෙන්  g+ අයිකන් එක ක්ලික් කරන්නකෝ. 



                දැන් පහළ තියෙනව වගේ  ඩොන්ගල් එකේ  අන්ලොක්කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් ඔයාලට ලැබෙයි.. ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා අන්ලොක් කෝඩ් එක දීලා ඩොන්ගල් එක අන්ලොක් කර ගන්න. හැබැයි එක E-mail ලිපිනයකින් ඩොන්ගල් 5ක් වගේ තමයි අන්ලොක් කරන්න පුළුවන්..



               එහෙනම් අපි ගියා... තවත් අලුත් පොස්ටුවකින් හමුවෙමු. මේගැන ඔයාලගේ අදහසකුත්  දාගෙනම යමු  ඒ නම්.


Tuesday, September 23, 2014

FB එකේ privacy දාල තියෙන Pro Pic එක උස්සමු ..

                               ඔන්න අද ඔයාලට අරගෙන ආවේ පොඩි FB Trick එකක්  මේගැන කියනවනම් ඉතින් ෆේස් බුක් එකේ සමහර අය ඉතින් ප්‍රෝ පික් එක ඔන්ලි මී කරලනේ තියෙන්නේ..  ඉතින් ඒ වගේ තියෙන ෆොටෝ එකෙක් බලන විදිය තමයි අද කියලා දෙන්නේ. 




                 පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ විදියට කරන්නකෝ 

     1.  අදාල කෙනාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට යන්න 
         
     2.  ප්‍රෝ පික් එක උඩ රයිට් ක්ලික් කරලා save image as                              ක්ලික්  කරන්න.
         
     3. දැන් image  එක save කරන්නද කියලා එන ඩයලොග් බොක්ස්              එකේ File Name කියනතැන n අකුරෙන් පස්සේ .JPG කියලා              ටයිප් කරන්න. දැන් ඒ ටික කොපි කරගන්න. පහල තියෙන පික්              එක බලන්න. [ඉමේජ් එක සේව් කරන්න අවශ්‍ය නැහැ.] 

             

     4.  දැන් මේ ලින්ක්  එකට යන්න මෙතනින්  ඊට පස්සේ කලින්                     කොපි කරගත්ත file name එක ඔය URL එකේ අන්තිමට                  තියෙන ස්ලෑෂ්  එකෙන් පස්සේ පේස්ට් කරලා එන්ටර් කරන්න.

                          ඔය තියෙන්නේ ෆොටෝ එක දිලිසි දිලිසි ... එනම් අපි          ගියා.. තවත් පොස්ටුවකින්   හමුවෙමු.                                                                  

Tuesday, September 16, 2014

ඔබේ පරිගණකය ගැන ඔබ දැනුවත් ද ?

                      අදත් ඔයාලට අරගෙන ආවේ වැදගත් වන  කුඩා මෘදුකාංගයක් 
අපි භාවිතා කරන පරිගණකයේ දෘඩාංග  පිලිබඳ දැනුමක් අප සතුව තිබීම ඉතා වැදගත් මොකද  මොනවා හරි හාර්ඩ්වෙයාර් ගැටලුවක් අවොත් එය නිවරදි කර ගැනීමට මෙන්ම හාර්ඩ්වෙයාර් අප්ග්‍රේඩ්  කිරීමකදී  මෙන්ම විවිධ පරිගණක සොෆ්ට්වෙයාර් බාවිතයේදී  පරිගණකයේ  දෘඩාංග පිලිබඳ යම් දැනුමක් අනිවාර්යයෙන් අප සතුව තිබිය යුතුයි.අලුතෙන් පරිගණකය ක් ගනිපු අයෙක් නම්  ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි.



           
 
      මේ මගින් ඔයාලට පුළුවන් පරිගණකයේ කයේ සියලු දෘඩාංග පිලිබඳ විස්තර  බලාගන්නත්. ඒ පිලිබඳ රිපෝට් එකක් අරන් සේව් කරගන්නත් පුළුවන්.මේක ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ රන් කරන්න විතරයි තියෙන්නේ  එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්න ..

 Download


Monday, September 15, 2014

Recover කරගන්න නියම භාණ්ඩයක් මෙන්න ..

                 සුභ දවසක් ඔයාල හැමෝටම. අදත් අරගෙන ආවේ  ඉතා වටිනා මෘදුකාංගයක් තමයි. අපිට අත්‍යවශ්‍ය  ෆයිල් මොනවා හරි Shift+ Delete වලින් ඩිලීට් වුනොත් ඉතින් Recycle Bin එකෙත් නෑනේ. එතකොට තමා දෙයියෝ සිහිවෙන්නේ. ඒකට විසදුමක් තමා කියල දෙන්න යන්නේ.



        අද මම ඔයාලට දෙන්නේ Recover My Files කියන මෘදු කාංගය මේ හරහා ඔයාලට ඩිලීට් වුන දේවල් පහසුවෙන් Recover කර ගන්න පුළුවන්.මෙතනදී පොඩි දෙයක් කියන්න ඕන ඔයාලට, මොනවා හරි ඩිලීට් වුනොත් ඒ ෆයිල්ස්  තිබුණ හාර්ඩ් එකේ පාටිෂන් එකට වෙන ෆයිල්ස් කිසිවක් කොපි කරන්න එපා recover කර ගන්නතෙක්. මොකද හාර්ඩ් එකේ  ඩේටා සේව් වෙන්නේ කොටස් වශයෙන් ඉතින් අපි මොනවා හරි නැවත කොපි කලොත් අර ඩිලීට් වුන ෆයිල්ස්  ස්පේස් එකේ තමා නැවත සේව් වෙන්නේ.එවිට මෙවැනි මෘදුකාංග හරහා recover කර ගන්න බැරි වෙනවා.

         හරි එහෙනම්  සොෆ්ට්වෙයාර් එක සීරියල් කී එකත් එක්කම පහලින් අරගන්න.
        මෙය ඔයාලට වැදගත් වුණා නම් ඒ ගැන ඔයාලගේ අදහසත් කියන්න. 
                         
Download

                    

Friday, September 12, 2014

දෙයියනේ කියල ඉපදිලා දවස් කීයක් හිටියද ? :)

                   ඔන්න ඉතින් අදනම් අරගෙන ආවේ පොඩි fun වැඩක් තමා. අපි ඉපදිලා අවුරුදු කියද කියලා  දැනගත්තට..  ඉපදුනු දවසෙ ඉදන් දවස් 
කීයක් ද කියල නිකමටවත් හිතලා බැලුවේ නෑ නේ.. හිතුවත් ඕවා ගණන් හදන්න ගියේ නෑ නේ. ඉතින් ඕක ලේසියෙන්ම බලන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. මේක ලංකාවේ කොල්ලෙක් හදපු එකක්. ඔයාලත් බලන්න කෝ එහෙනම් ..

           

          
     මේක බලන කොට ඔයාලගේ පරිගණකයේ දිනය නිවැරදිව තියෙන්න ඕන නැත්  නම් දවස් ගණන වෙනස් වෙනවා පහලින් සොෆ්ට්වෙයාර් එක අරගන්න ..

  

 Download

Tuesday, September 2, 2014

පරිගණකයට Drivers හොයන්න කට්ට කාලා එපාවෙලද ?

             
                  සුභ දවසක් යාලුවනේ ඉතින්  ඔන්න  අද විදු ඇස ලංකා වෙතින් ඔයාලට ගෙනාවේ වැදගත් වන සොෆ්ට්වෙයාර් එකක්. අපේ පරිගණකය කාලයක් ගියාම වෛරස් වගේ ගැටළු නිසා ෆොර්මැට් කරන්න වුනොත් ඊළගට එන්නේ  ඩ්‍රයිවර්ස් ප්‍රශ්නනේ. ඉතින් අපේ ලග ඩ්‍රයිවර්ස් නැති නම් අපිට අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඉතින් කට්ටිය කරන්නේ Google එකේ සර්ච් පාරක් දාලා හොයන එකනේ ඒක එපා වෙන වැඩක් මොකද ..මොකද අපට අවශ්‍ය  නියම drivers හොයන එක ටිකක් අමාරු වැඩක්.


          ඒත් මම අද ඔයාලට දෙන Driver Robot කියන සොෆ්ට්වෙයාර් 
එක මගින් අපට අවශ්‍ය නිවැරදි drivers [Sound,VGA,Cipset,etc...]
හසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

         පහතින් software එක ඩවුන්ලෝඩ් කරගන්න මේගැන  ඔයාලගේ අදහසත් කියන්න .. ඒනම් අපි ගියා ජය වේවා !!
                                 
 Download

Monday, September 1, 2014

IDM එක සදහටම පාවිච්චි කරමු.

        සුභ දවසක් හැමෝටමඅද නම් ගෙනාවේ ගොඩක් අය ඩවුන්ලෝඩ් කරන්න භාවිතා කරන Internet Download Manager එක. මේක නම් ඉතින්  ගොඩක් අය ලග තියෙනවා නේ. එත් මේකේ තියෙන ගැටලුව තමයි crack, patch වලින් Active කලාට,  යූස් කරලා තියෙන්නේ ෆේක් සීරියල් නම්බර් එකක් කියලා Error එන එක.වෙලාවකට ඒක මහ වදයක් නේ අපිට.


      ඉතින් ඒකට විසදුමක් එක්ක තමා අද IDM  එක ඔයාලට දෙන්නේ. සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා පැච්එක දාගන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්ත  ෆෝල්ඩර්  එක ඇතුලේ ඇති Remove Fake Serial Pop-Up කියල ෆයිල් එකක් ඒක ඩබල් ක්ලික් කරලා එන මැසේජ් එක yes කලාම රෙජිස්ර්ට්‍රි එකට ඇඩ් වෙයි .. දැන් ඉතින් ඔක්කම් හරි කිසි කරදරයක් නැතිව IDM එක දිගටම පාවිචි කරන්න පුළුවන් ...
              
     Internet Download Manager එකයි පැච් එකයි පහලින් ඩවුන්ලෝඩ්  කරගන්න.
 Download

Tuesday, August 12, 2014

එකවර Skype Account කිහිපයකින් චැට් කරමු


        ඔන්න ඔයාලට අද කියල දෙන්නේ  කම්පියුටර්  එකෙන් Skype  Account කිහිපයකට එකවර ලොග් වෙන විදිය තමා .. මේකට  එක එක සොෆ්ට්වෙයාර් නම් තියෙනව.මන් ඔයාලට  කියන්න යන්නේ වින්ඩෝස් හරහාම කරගන්න පුළුවන් ලේසි ට්‍රික් එකක්.මේවිදියට කරන්න.
                  1. press windows key+R

                  2. Run box එකේ පහල තියෙන  විදියට ටයිප් කරලා                                එන්ටර් කරන්න.   
                      
          දැන් අලුතෙන් skype වින්ඩෝ එකක් ඕපන් වෙයි ...මේවිදියට ඔයාලට අවශ්‍ය skype account වලට ලොග් වෙන්නයි තියෙන්නේ ...
                      අපිගියා  ඒනම් අලුත් පොස්ට් එකකින් හමුවෙමුකො ... කෂ්ටියටම ජය වේවා !!

Sunday, August 10, 2014

Format කරන්න බැරි / Write Protect වුන පෙන් වලට විසදුමක් ..

            අද කියන්න යන්නෙත්  ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන පෙන් ඩ්‍රයිව් භාවිතයේදී ඇතිවන ගැටලුවලට විසදුමක් තමයි අරන් ආවේ..ෆෝමැට් කරන්න බැරි , write protect වෙලා තියෙන  පෙන් මේ විදියට ගොඩක් දුරට ගොඩ දාගන්න පුළුවන් ...


           පළමුවෙන්ම පෙන් එක Low Level Format කරගන්න වෙනවා ඒකට අවශ්‍ය ටූල් එක මෙතනින් අරගන්න .. ඊට පස්සේ   පහල තියෙන විදියට  ෆෝමැට් කරගන්න .




ෆෝමැට් වීම  සම්පුර්ණ  වුනාම  අපි පෙන් එක පාර්ටිෂන්  කර ගන්න ඕන එකට වින්ඩෝස්  වල disk part tool එක හරහා තමයි කරගන්න වෙන්නේ මේ විදියට කරන්න ..

1.  Press Windows key+R

2. ඊට පස්සේ එන Run box එකේ  diskpart කියලා ටයිප් කරලා එන්ටර්     කරන්න එතකොට  diskpart tool එක එයි.

3. දැන් මේ කමාන්ඩ් ටික නිවැරදිව  ටයිප් කරන්න 


        list disk කියල  type කරන්න  එතකොට  computer එකට සම්බන්ද ඩිස්ක් ලිස්ට් එකක් පෙන්වයි. දැන්  select disk 2 කියලා ටයිප් කරන්න.
   සැ.යු : මෙහිදී 2 ලෙස ටයිප් කරලා තියෙන්නේ මගේ computer එකට සවිකරලා තියෙන පෙන් එක. ඔයාලගේ පෙන් එකට අදාල ඩිස්ක් නම්බර් එක ටයිප් කරන්න නිවැරදිව.

ඉන්පසු පහල කමාන්ඩ් එකින් එක ටයිප් කර කර එන්ටර් කරන්න .
                     clean
                     create partition primary
                     select partition 1
                     active
                     fomat fs=fat32
           
            පහත රුපයේ   ආකාරයට  නිවැරදිව ටයිප්  කලා නම් පෙන් එක ෆෝමැට් වෙයි . ටික වෙලාවක් යයි ෆෝමැට් එක සම්පුර්ණ වෙන්න.
format complet වුනාට පස්සේ exit  කියලා ටයිප් කරල එන්ටර් කරන්න. 
                    


              දැන් පෙන් එක ඔයාලට වෙනද වගේ භාවිතා කරන්න පුළුවන් වෙයි .... 

 Write Protect එකට විසදුම.... 

        පෙන්ඩ්‍රයිව්  එකක් රයිට් ප්‍රොටෙක්ට් උනාම අපිට ෆොර්මැට් කරන්න බෑනේ ඉතින්.  මේක වින්ඩෝස් හරහා කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමා මේ ...

1. Press Windows key+R

2. ඊට පස්සේ එන Run box එකේ  regedit කියලා ටයිප් කරලා රේජිස්ට්‍රි     එකට යන්න

3. රෙජිස්ට්‍රි එකේ මෙන්න මේ පාත් එක සොයාගෙන
     HKEY_LOCAL_MACHINE /SYSTEM /CurrentControlSet/Control /StorageDevicePolicies

4. දැන් Writeprotect කියන එක ක්ලික් කරලා Modify ක්ලික් කරලා

    Value data"1" කියල තියෙන අගය "0" ලෙස වෙනස් කරලා සේව්     කරනන.

5. දැන් කොම්පිවුටර් එක රීස්ටාර්ට්  කරලා ෆොර්මැට් කරලා බලන්න       වැඩේ හරිද කියල.

සැ යු : සමහර අයගේ රෙජිස්ට්‍රි එකේ StorageDevicePolicies කියන කී එක නොතිබෙන්න පුළුවන්. එවිට පහත පියවර අනුගමනය කරන්න


මෙන්න මේ ෆයිල් එක මෙතැනින් ඩවුන්ලෝඩ් කරලා ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා එන මැසේජ් එක යස් කරන්න.දැන්  ඔයාල රෙජිස් ට්‍රි එකට ගිහින් බලන්න  StorageDevicePolicies කියන key එක හැදිලා ඇති .


          මේ ක්‍රමේ හරි නොගියොත්  මෙන්න  මේ සොෆ්ට් වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන  ට්‍රයි කරලා බලන්න ..
                             
 Download
                                  මේ post එක ඔයාලට වැදගත් ගත් වුනා නම් ඔයාලගේ අදහසත් පහලින් දාන්න. තවත් අලුත් post එකකින් හමුවෙමු !!! 

Saturday, August 9, 2014

Mouse scroll wheel එකෙන් වැඩක් ගමුද ?

 
ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකින්  තමා බ්ලොග් එක පැත්තේ ආවේ  අද නම් අරන් ආවේ පොඩි වැඩ කෑල්ලක්.  මේක ගොඩ දෙනෙක් දන්නවත්  ඇති නොදන්න අයට කියල දෙන්නම් කෝ.
         අපි නෙට් එකට ගිහින් දිග විස්තර  තියන පේජ් කියවන්නේ ඉතින් මවුස් එකේ scroll wheelඑකේ පිහිටෙන්නේ මේ scroll කිරීම පහසුවෙන් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට ..
          ඉස්සරවෙලා අදාල  පේජ් එකට ඇවිත් මවුස් එකේ scroll wheel එක එක සැරයක් ප්‍රෙස් කරන්න. දැන් මවුස් එකේ කර්සර් එක වෙනස් වුනා නේද ? දැන් ඉතින් ඔයාලට පේජ් එක scroll කරන්න ඕන පැත්තට මවුස් එක පොඩ්ඩක් ගෙනිහින් නවත්වන්න. දැන්  ලසස්නට  ස්ක්‍රෝල් වෙනවා නේද .. මවුස් එක මූව් කරන ප්‍රමාණය අනුව scroll ස්පීඩ් එක පාලනය කරන්න පුළුවන්.  fb post කියවද්දී එහෙමත්   මේක වැදගත් වේවි ඔයාලට. ඒ වගේම තමයි  PDF Reader එකකදිත් මේ ක්‍රමේ අනුගමනය කරන්න පුළුවන්. නවල් එකක් කියවද්දී වගේ, ඒ එක වැඩක් නේ  තව පොඩි වැඩක් ගන්න පුළුවන්  මේකෙන් 
                        සමහර වෙබ් සයිට් වල ලින්ක් ක්ලික් කරාම ඒවා ඕපන් වෙන්නේ  බ්‍රව්සර් එකේ දැනට අපි ඉන්න ටැබ් එකෙන් ඒක සමහර වෙලාවට අපිට කරදරයක්. ඉතින් ඒකට තියෙන්නේ  පොඩි දෙයයි අපිට ඕන ලින්ක් එක උඩට මවුස් කර්සර් එක ගෙනිහින් scroll wheel එක ප්‍රෙස් කරන්න. එතකොට අලුත් ටැබ් එකකින් තමා ලින්ක් එක ඕපන් වෙන්නේ ..
                         ඉතින්  ඒනම් මෙච්චර කලක්
scroll wheel එකෙන් වැඩක් ගත්තේ නැත් නම් කරලම බලන්නකෝ .. 

 

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More