දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Friday, October 31, 2014

VLC Player එකෙන් Radio අහමුද?

                       සුභ දවසක් ඔයාලට, ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක් 
අරගෙන බ්ලොග් එක පැත්තේ ආවා. VLC Player අපි හැමෝම වගේ සිංදු අහන්න වීඩියෝ බලන්න Youtube Video Stream වලදී වගේ භාවිතා කරනවනේ. අද කියන්නේ VLC එකෙන් පහසුවෙන්  LIVE Radio අහන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි පොඩි දෙයයි කරන්න තියෙන්නේ. 

          
                        ඉස්රවෙලා VLC Player එක open කරන්න. දැන් 
Media-->Open Network Stream යන්න. අහන්න ඕන චැනල් 
Url එක පහලින් අරගෙන Please enter Network Url කියන 
තැනට දාලා පහල තියෙන Play කියන  බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ.

Shaa FM ----> http://188.138.75.83:8090

Hiru FM  ----> http://188.138.75.83:8010

Neth FM  ----> http://66.55.144.67:8104

Shree FM  ----> http://live2.shree.fm

Y FM   ----> http://76.164.217.100:7036

Ran FM   ----> http://108.61.13.189/;.mp3

FM Derana ----> http://109.123.114.30:7130

Sirasa FM  ----> http://76.164.217.100:7024

Rhythm FM ----> http://192.99.99.195:8030

City FM   ----> http://220.247.227.6/live

       එහෙනම් අපි ගියා .. ඔයාලගේ අදහසත් පහලින් දාගෙනම යමු නේ...

Tuesday, October 21, 2014

Google Chrome වල සිංහල පෙන්වන්නේ නැත්නම් මෙන්න විසදුම.




                          මේදවස් වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි google Chrome Web Browser  එකේ සිංහල පේන්නේ නැති ගැටලුව.මේක නිසා කට්ටිය වෙන බ්‍රව්සර් වලට මාරු වුණා  කියලත් ආරංචියි. හරි අපි බලමු කොහොමද මේක ෆික්ස් කරගන්නේ කියල.

                ඉසරවෙලා Chrome Browse එකේ address bar එකේ  chrome://flags/ කියල  ටයිප් කරන්න. ඊට පස්සේ එන ලිස්ට් එකෙන්
                     
 Disable layer squashing - Disable කරන්න
 Disable DirectWrite        - Enable  කරන්න 

               දැන්  යට තියෙන Relaunch Now  කියන එක ප්‍රෙස් කරන්න.ඔය පොඩි වැඩේ කරානම් ආයෙත් සිංහල හොදට වැඩ කරයි.
තවත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු !
                                      


Friday, October 17, 2014

Original Software ගන්න සල්ලි නැත්නම් මෙන්න විසදුම.

            සුභ දවසක් ඔයාලා හැමෝටම.අද කියන්න යන්නෙත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන තමයි. වැඩි කතා නැතුව අපේ මාතෘකාවට එමුකො.

            අපේ විවිධ කාර්යයන් ඉටුකර ගන්න අපි පරිගණකයට විවිධ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනවා නේ. ඒ අතර  Open source සහ commercial ඒවත් තියෙනවා.ගොඩක් දෙනෙක් ඉතින් commercial software හැම එකම සල්ලි දීලා ගන්න බැරි නිසා crack එකක් හොයාගෙන තමයි භාවිතා කරන්නේ. crack හදන අය අපේ හොදට ඒවා හදන්නේ නෑ නේ.ඒ වයි තියෙන අතුරු ප්‍රතිඵල අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නෑ නේ එකට පොඩි විසදුමක් තමයි අද කියලා දෙන්නේ.
             alternativeto.net කියන සයිට් එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය commercial software එකේ නම සර්ච් කරාම එම මෘදුකාංගයට සමාන Open source මෘදුකාංගයක් පහසුවෙන් සොයා ගන්න.මේ මගින් ඔයාලට ඔය crack වලින් වන අතුරු ආබාධ වලක්වා ගන්නත් පුළුවන් වේවි.
             
                                 GO TO SITE




Tuesday, October 14, 2014

Facebook Name එකට 60 Days Limit එක වැටිලද ?

               

       ඉතින් කොහොමද ඔයාලට. හොදින් ඉන්නවා ඇති  කියලා හිතනවා සයිට් එක පැත්තේ ආවේ සතියකින් විතර. මූණු පොතේ  නේම් එකට 60 Days Limit එක වැටුනම මාස 2ක් යනකන් කලින් තිබුන නමවත් ගන්න බෑ නේ,අද ඔයාලට කියල දෙන්නේ මේක  හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් ඉතින් හැමෝම වගේ මූණු පොතේ ඉන්නවනේ. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ක්‍රම දෙකක් තියෙනවා ලිමිට්වුන අය ට්‍රයි කරලා බලන්න කෝ.  

01.METHOD

       මෙලින්ක් එකට මෙතනින් යන්න  ඊට පස්සේ  ඔයාලට ෆෝම් එකක් ලැබෙයි  එක අවශ්‍ය පරිදි ෆිල් කරලා  ඔයාලට  නම වෙනස් කර ගන්න පුළුවන්.

02.METHOD


      කලින් තිබුණු නම දාගන්න නම් පසුම ක්‍රමය මේක තමයි හබැයි මේක තියෙන්නේ මෙහෙම ලිමිට් වෙලා තියෙන නම් වෙනස් කරන්න නෙමෙයි. facebook එකෙන් අපිට දීල තියෙන security option එකක්. එක ප්‍රයෝජනයට අරන් තමා අපේ වැඩෙත් කරගන්න හදන්නේ  
      
      ඉසරවෙලා  මේ ලින්ක්  එකට යන්න මෙතනින් ඊට පස්සේ එන පියවරවල් ටික නිවැරදිව  අනුගමනය කරන්න. එක තැනකදී පෙන්නේවි ඔයාල දැනට වෙනස් කරලා තියෙන නම් ලිස්ට් එක එකෙන්  ඔයාලට අවශ්‍ය නම තෝරගන්න.

     තව ටිකක් පැහැදිලි වෙන්න  මේ වීඩියෝ එකත් බලන්නකෝ.  





         තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලගේ  අදහසත් කියන්න අමතක කරන්න එපා.  ජය වේවා !

Wednesday, October 1, 2014

Skype වලින් වැඩ දාමු.

                 අද ඔයාලට අරගෙන ආවේ Skype වලින් පොඩි පොඩි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඒ ගැන කියන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න තියෙනෝ. 

          Microsoft සමාගමේ ඊළගට නිකුත් කරන්න නියමිත Windows10 වල ටෙක්නිකල් ප්‍රීවිව් එකක් ඔන්න නිකුත් කරලා තියෙනවා. මෙතනින් ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. හරි  ඒ ඇති ඒ ගැන කිව්වා.. අපේ ට්‍රැක් එකට එමුකො දැන්. 



          මේ සොෆ්ට්වෙයාර්  එකෙන්  කරගන්න පුළුවන් වැඩ.


  •   Skype Call රෙකෝඩ් කිරීම
  •   Voice Change කිරීම 
  •   එකවර යහළුවන් හැමෝටම Message කිරීම 
  •   Fun & Art Message
  •   Translate  පහසුකම 

          මේවගේ වුවමනා වන පොඩි පොඩි වැඩ ගොඩක් කරගන්න පුළුවන්. එහෙනම්  පහලින් සොෆ්ට්වෙයාර් එක ගන්න. ඔයාලගේ අදහසත් කියන්න.  
                       

 Download

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More