දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Saturday, August 9, 2014

Mouse scroll wheel එකෙන් වැඩක් ගමුද ?

 
ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකින්  තමා බ්ලොග් එක පැත්තේ ආවේ  අද නම් අරන් ආවේ පොඩි වැඩ කෑල්ලක්.  මේක ගොඩ දෙනෙක් දන්නවත්  ඇති නොදන්න අයට කියල දෙන්නම් කෝ.
         අපි නෙට් එකට ගිහින් දිග විස්තර  තියන පේජ් කියවන්නේ ඉතින් මවුස් එකේ scroll wheelඑකේ පිහිටෙන්නේ මේ scroll කිරීම පහසුවෙන් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට ..
          ඉස්සරවෙලා අදාල  පේජ් එකට ඇවිත් මවුස් එකේ scroll wheel එක එක සැරයක් ප්‍රෙස් කරන්න. දැන් මවුස් එකේ කර්සර් එක වෙනස් වුනා නේද ? දැන් ඉතින් ඔයාලට පේජ් එක scroll කරන්න ඕන පැත්තට මවුස් එක පොඩ්ඩක් ගෙනිහින් නවත්වන්න. දැන්  ලසස්නට  ස්ක්‍රෝල් වෙනවා නේද .. මවුස් එක මූව් කරන ප්‍රමාණය අනුව scroll ස්පීඩ් එක පාලනය කරන්න පුළුවන්.  fb post කියවද්දී එහෙමත්   මේක වැදගත් වේවි ඔයාලට. ඒ වගේම තමයි  PDF Reader එකකදිත් මේ ක්‍රමේ අනුගමනය කරන්න පුළුවන්. නවල් එකක් කියවද්දී වගේ, ඒ එක වැඩක් නේ  තව පොඩි වැඩක් ගන්න පුළුවන්  මේකෙන් 
                        සමහර වෙබ් සයිට් වල ලින්ක් ක්ලික් කරාම ඒවා ඕපන් වෙන්නේ  බ්‍රව්සර් එකේ දැනට අපි ඉන්න ටැබ් එකෙන් ඒක සමහර වෙලාවට අපිට කරදරයක්. ඉතින් ඒකට තියෙන්නේ  පොඩි දෙයයි අපිට ඕන ලින්ක් එක උඩට මවුස් කර්සර් එක ගෙනිහින් scroll wheel එක ප්‍රෙස් කරන්න. එතකොට අලුත් ටැබ් එකකින් තමා ලින්ක් එක ඕපන් වෙන්නේ ..
                         ඉතින්  ඒනම් මෙච්චර කලක්
scroll wheel එකෙන් වැඩක් ගත්තේ නැත් නම් කරලම බලන්නකෝ .. 

 

2 comments:

Math Windows use karadi oka use kara. Linux Walata maru unta pasa oka wada karanna ne :D

Windows වලදී තමා මාත් මේක use කරන්නේ .. සහෝ
Linux වලට නම් වැඩ නැතුව ඇති ..

Comment එකකුත් දාගෙනම යමු ☺

Γ Photo Comments සඳහා [img­]YOUR_URL­[­/img]

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More