දිනය

SMS Alert සේවාව නොමිලේ ලබාගැනීමට Follow<හිස්තැනක්>Viduasalanka ලෙස සටහන්කර 40404 ට SMS කරන්න.

Sunday, October 25, 2015

Copy කරන්න බැරි CD / DVD Copy කරමු.

           සුභ දවසක් ඔයාලට. අදත් ඔන්න වැදගත් software එකක් අරන් මේ පැත්තට ආව. අපි ලග තියෙන සමහර Video CD / DVD කොපි කරන්න බැරි වෙන්න රයිට් කරලා තියෙන්නේ.දැන් එන සිංහල ෆිල්ම්ස් එහෙම Copy Protect කරලා තියෙන්නේ.කොපි කරන්න ගියාම විශාල කැපසිටි එකක් පෙන්නනවා.
         ඉතින් මේවගේ එකක් පහසුවෙන් කොපි කරගන්න පුළුවන් මම අද ඔයාලට දෙන DVD Fab කියන.මෘදුකාංගය හරහා.වැඩි කතා ඕන නෑ අරගෙනම බලන්න.

        අලුත් පොස්ට්ටුවකින් හමු වෙමු.. ජය වේවා !!




 Download



            

Saturday, October 3, 2015

ලැප් එකේ කී බෝර්ඩ් එක අවුල්ද ? මෙන්න විසදුම

                 සුභ දවසක් ඔයාලට අදත් ඔයාලට වැදගත් වන පොස්ටුවක් අරන් මේ පැත්තට ආවේ.ගොඩක් අය ලැප් බාවිතා කරනවනේ ඉතින් කවුරුත් දන්නා දෙයක් තමා මේවගේ රෙපෙයාර් එකක් ආවොතින් ගාන ටිකක් සැරයි.. ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි.. 


                ලැප් ටොප් එකේ කී බෝර්ඩ් එකේ අවුලක් ආවොතින් සල්ලි වියදම් නොකර හදා ගන්න පුළුවන් පොඩි විසදුමක් තමයි මේ...හරි  අපි වැඩේට බහිමුකො.. කාලයක් යනකොට කී බෝර්ඩ් එකේ සමහර  කී වැඩ නොකර යනවනේ ඒවගේ දෙයක් වුනොත් අපිට පුළුවන් මේ ක්‍රමය හරාහා වැඩිය යූස් නොවෙන කී එකක් ඒ වෙනුවට ආදේශ කර ගන්න.ඒ වගේම තවත් වෙලාවකට එන දෙයක් තමා කී  එකක් දිගටම හෝ නිතර නිතර ප්‍රෙස් වීම ඒවගේ වෙලාව ඔයාලට පුලුවන් මේ දෙන සොෆ්ට්ටයාර් එක හරා අදාල කී එක ඩිසේබල් කරගන්න..විස්තරේ දිග වැඩිද මන්දා... හරි  මේ පහල තියෙන විදියට වැඩේ කර ගන්න කෝ 

මෙතනදී add කියන  එක ක්ලික් කරලා  වෙනස් කරගන්න ඕන කී එක තෝරන්න තියෙන්නේ. 


මෙතැනදී ඩිසේබල් කරන්න නම් Turn key off කියන එක තෝරන්න.. වෙන එකක් ආදේශ් කර ගන්න උනත් පුළුවන්.


අන්තිමට  Write to Registry ක්ලික් කරලා  රී ස්ටාර්ට් කරලා බලන්න...වැඩේ  හරිද කියල .

 Download

Saturday, July 18, 2015

පාස්වර්ඩ් දාපු RAR / Zip Files Unlock කරමු..

                 

            ඔන්න අදත්  ඔයාලට වැදගත් වන සොෆ්ට්වෙයාර්  එකක් අරන් මේ පැත්තට ගොඩ බැස්සා.සමහර වෙලාවට අපිට තියෙන  ගැටලුවවක් තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න සමහර Rar/Zip ෆයිල් වලට පාස්වර්ඩ් දාල තියෙන එක..ඉතින් ඒ  පාස්වර්ඩ් එක අපි දන්නේ නැත්නම්  ඇතුලේ තියෙන දේවල් අරගෙන හමාරයි නේ.
           ඔන්න ඔය වගේ වෙලාවට වැදගත් වෙන  සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට දෙන්නේ.
           හොද  ශක්තිමත්  පාස්වර්ඩ් එකක් නම්  මේකෙදි අපට Brute - force attack එකක් දෙන්න වෙනවා.. ඒ වගේම  තමයි ශක්තිමත් බව අනුව attack එකට යන ටයිම් එක වැඩි වෙනවා ..

          පහළින් සොෆ්ට්වෙයාර් එක අරගන්න .. ජයවේවා ! අලුත් පොස්ටුවකින් හමුවෙමු ..


 Download

Wednesday, July 8, 2015

Chrome එකෙන් Offline Game Play කරමුද ?

              ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක් අරන් මේ පැත්තට ආවා. අද කියන්න  යන්නේ Google  Chrome Browser එකෙන් Offline  play කරන්න පුළුවන් පොඩි ගේම් එකක් ගැන. මේක  ඉතිං සමහර අය නම් දන්නවත් ඇති.
           
             Internet connection  එක disconnect  කරලා වැඩේට බහිමු එනම් දැන් ඉතිං Address bar එකෙ URL එකක් ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට Unable  to  connect to  the internet  කියලා අර කැන්ගරුවෙක් ඉන්න මැසේජ් එකක් එයි.. එතකොට කී බෝර්ඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න.. ඔන්න පහල තියෙන විදියට  ගේම් එක ප්ලේ කරන්න  පුළුවන්...
   



       අලුත් පොස්ට්ටුවකින් හමුවෙමු .....


Friday, June 12, 2015

Win 8 or 8.1 වලට Safe Mode හරහා ලොග් වීම.


  සුබ දවසක් ! ඉතින්  කොමද  ඔයාලට  ගොඩ කාලෙකින් 
 බ්ලොග් එක පැත්තේ එන්න බැරි  වුනා... බිසී නේ ඉතිං මේදවස් වල  කොහොම හරි  පුළුවන් විදියට පොස්ට් දාන්න බලන්නම්.

                වින්ඩෝස් 8/ 8.1 වල  වින් 7 වල වගේ F8 වලින් safe mode එකට යන්න  බෑනේ..ඉතින් මේකට  විසදුමක් තමයි අද ඔයාලට කියන්න හිතුනේ..පොඩි දෙයයි කරන්න තියෙන්නේ. 
               
        01. ඉස්සර වෙලාම අර Command Prompt කියන කළු කොට්ට 
               Administrator යටතේ ඕපන්  කරන් ඉන්නකෝ. 

        02. දැන් ඉතින් අර  ආපු  කළු කොටුවෙ  මේ  කමාන්ඩ් එක ටයිප්                   කරල  එන්ටර්  කලානම් වැඩේ හරි .
                  
                 bcdedit /set {default} bootmenupolicy legacy

දැන්  ඉතින්  රී ස්ටාර්ට්  කරලා  බූට් වෙන්න කලින් F8 ප්‍රෙස් කරලා බලන්න කොමද කියලා ...

Friday, November 14, 2014

Dynamic Hard Disk එක පහසුවෙන්ම හදාගනිමු.


        ආයුබෝවන්. අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වින්ඩෝස් වලදී ඇතිවන ගැටළුවක් ගැන තමයි.මෙය ගොඩක් දුරට ඇතිවෙන්නේ වින්ඩෝස් 7 වලදී . එයාලා රෙකමන්ඩ් කරන්නේ පාර්ටිෂන් 3 යි ඉතින් අපිට ඔය පාර්ටිෂන් ටික මදි වුනාම Computer management වලින් තව පාර්ටිෂන් හදනවනේ. ඒවගේ වෙලාවට බොහෝ දුරට  මේ Dynamic ගැටළුව එන්න පුළුවන්. හාර්ඩ් එක  මෙහෙම වුණොත් Win 7 නැවත ස්ථාපනය කරන කොටවත්  පාර්ටිෂන් ඩිලීට් කරන්න මොනවත් කරන්න බැරි වෙනව. එත් ඉතින් මෙම ගැටළුව පහසුවෙන් ම හදා ගන්න හැටි තමා ඔයාලට අද කියල දෙන්නේ.
  
                 EaseUS Partition Master කියන software එකෙන් අපිට පුළුවන් පහසුවෙන්ම ගොඩ දාගන්න. මේක ඇත්තටම ගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්. convert dynamic disk to basic කියන Option එක වගේම තවත් බොහෝ දේ කරගන්න පුළුවන් අපිට. මම ටිකක් පහලින් දානම් කෝ.

  • Resize/Move Partition
  • Copy Partition
  • Merge Partition
  • Check Partition
  • Wipe Partition
  • Clone Disk Wizard
       මේ වගේ අපිට අත්‍යවශ්‍ය වන බොහෝ වැඩ ටිකක්  පහසුවෙන්ම කරගන්න පුළුවන්. මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේවගේ වින්ඩෝස් වලදී ඇතිවන තවත් ගැටළු කිහිපයක් ගැන සහ ඒවා  පහසුවෙන්ම නිරාකරණය කරගන්න හැටි පොස්ට් ටිකක්  දාන්න. මේ පොස්ට් එක ගැන ගැටළුවක් තිබුනොත් අහන්න. පහලින් සොෆ්ට්වෙයාර් එක අරගන්න.. 


 Download


Friday, October 31, 2014

VLC Player එකෙන් Radio අහමුද?

                       සුභ දවසක් ඔයාලට, ඔන්න අදත් පොඩි වැඩ කෑල්ලක් 
අරගෙන බ්ලොග් එක පැත්තේ ආවා. VLC Player අපි හැමෝම වගේ සිංදු අහන්න වීඩියෝ බලන්න Youtube Video Stream වලදී වගේ භාවිතා කරනවනේ. අද කියන්නේ VLC එකෙන් පහසුවෙන්  LIVE Radio අහන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි පොඩි දෙයයි කරන්න තියෙන්නේ. 

          
                        ඉස්රවෙලා VLC Player එක open කරන්න. දැන් 
Media-->Open Network Stream යන්න. අහන්න ඕන චැනල් 
Url එක පහලින් අරගෙන Please enter Network Url කියන 
තැනට දාලා පහල තියෙන Play කියන  බට්න් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ.

Shaa FM ----> http://188.138.75.83:8090

Hiru FM  ----> http://188.138.75.83:8010

Neth FM  ----> http://66.55.144.67:8104

Shree FM  ----> http://live2.shree.fm

Y FM   ----> http://76.164.217.100:7036

Ran FM   ----> http://108.61.13.189/;.mp3

FM Derana ----> http://109.123.114.30:7130

Sirasa FM  ----> http://76.164.217.100:7024

Rhythm FM ----> http://192.99.99.195:8030

City FM   ----> http://220.247.227.6/live

       එහෙනම් අපි ගියා .. ඔයාලගේ අදහසත් පහලින් දාගෙනම යමු නේ...

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More